අඟහරුවාදා (6) ඉන්දුනීසියාවේ බාලි සහ ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.2 ක භූමිකම්පාවක් ඇති වූ බව එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය පවසයි.
නැගෙනහිර ජාවා පළාතේ දකුණු වෙරළට ඔබ්බෙන්, කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2) ගැඹුරින් සහ බාලි ප්‍රාන්තයේ ඩෙන්පසාර් සිට කිලෝමීටර් 305 ක් නිරිත දෙසින් මෙම භූමිකම්පාව ඇති වූ අතර,
ප්‍රදේශවාසීන් පවසන පරිදි නැගෙනහිර ජාවා පළාතේ සහ බාලි ප්‍රදේශවලට දැඩි ලෙස දැනුණු භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව පළාත් පාලන ආයතන පරීක්ෂා කරමින් සිටියි .
إرسال تعليق