ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දුම්රිය භාවිතා කරන පුද්ගලයින් රඳවා තබාගෙන දඩ මුදල් අය කිරීම සඳහා ස්ථානීය පරීක්‍ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.
දුම්රියේ නොමිලයේ ගමන් ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර, අඟහරුවාදා (6) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැටලීම් කිහිපයක් සිදු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඊ.එස් පොල්වත්තගේ මහතා පැවසීය.
ප්‍රවේශපත්‍ර නොමැති මගීන් 124 දෙනෙකු රඳවාගෙන ඉන් 78 දෙනෙකුට දඩ නියම කළ බව ඔහු සඳහන් කළේය.
إرسال تعليق