ෆ්ලොරිඩාවේ වොලුසියා ප්‍රාන්තයේ ඩේටෝනා වෙරළ තීරයේ යෝධ අද්භූත වස්තුවක් සොයා ගැනීම ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් ව්‍යාකූලත්වයට පත් කර ඇත. දැවයෙන් සහ සමහර විට යම් ලෝහයකින් සමන්විත මෙම නාඳුනන වස්තුව අඩි 80 (මීටර් 24.3) පමණ දිගකින් යුක්ත වන අතර, මුහුදු වෙරළේ ගමන් කරන්නන් විසින් මුලින්ම නිරීක්ෂණය කරන ලද බව වාර්තා කරයි.
මෙම අද්භූත වස්තුව මීට පෙර වැලි යට වැළලී තිබූ නමුත් නොවැම්බර් මාසයේදී නිකොල් සුළි කුණාටුව වෙරළ ඛාදනය වීමෙන් පසුව අනාවරණය වූ බවයි. මෙම වසර මුලදී ඉයන් සහ නිකොල් සුළි කුණාටු වොලුසියා ප්‍රාන්තයට පහර දීමෙන් පසුව මෙම වස්තුව වැල්ලෙන් පිටතට නෙරා ඒමට පටන් ගත් බව වොලුසියා ප්‍රාන්තයේ ප්‍රකාශක කෙවින් ඒ කැප්ටන් පැවසීය.
ප්‍රවීණයන් එය කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරන විට, සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් සමපේක්ෂන සහ න්‍යායන් මතු වී තිබේ. බොහෝ අය එය පුරාණ නැව් සුන්බුන් කොටසක් යැයි කියා සිටියද, තවත් අය සිතන්නේ එය පැරණි තොටුපළක කොටසක් බවයි. සමහර අය එය NASCAR ඩේටෝනා බීච් හි තරඟ කරන කාලය දක්වා දිවෙන ප්‍රේක්ෂක ආසන කොටසක් යැයි අනුමාන කර ඇත.Image Credit- The new york Times
Post a Comment